නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද ලෝක කිරි දිනය යි

    ජූනි 01, 2015

    2001 වසරේ සිට ජූනි 01 වැනි දින ලෝක කිරි දිනය ලෙස සැමරේ. ලෝක ආහාරයක් ලෙස සියලුම කිරි වර්ග පිළිබඳව කතිකාවතක් ඇරඹීමට ලෝක කිරි දිනය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ආරම්භ කරන ලදී.

    සමහර රටවල බොහෝවිට මෙම දිනයට හෝ මෙම දිනයට සමීප දිනයක් සිය ජාතික කිරි දිනය ලෙස සලකා වැඩසටහන් සංවිධානය කිරීම හේතු කර ගනිමින් ජූනි 01 දිනය ලෝක කිරි දිනය ලෙස තෝරා ගෙන ඇත.

     

    ලෝක කිරි දිනය ප්‍රධාන ආහාරයක් ලෙස කිරිවල වැදගත්කම හා කිරි කර්මාන්තයේ වැදගත්කම ගැන ජනතාව දැනුවත් කිරීම පිළිබඳව අවධානය යොමු කරයි.

     

    ජනතාව ගෘහාශ්‍රිත සතුන්ගෙන් කිරි ලබාගෙන පරිභෝජනය කරනු ලැබේ. සෞඛ්‍යසම්පන්න පෝෂක - ක්ෂීරපායීන් ඔවුන්ගේ දරුවන් සඳහා ආහාර ලෙස නිෂ්පාදනය කිරිවල ශරීරයට අවශ්‍ය සියලුම ලිපිඩ, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ලවණ, ඛණිජ ලවණ හා විටමින් අඩංගු වේ. උදාහරණයක් වශයෙන්, එළ කිරිවල ශරීරයට අත්‍යවශ්‍ය කැල්සියම් දෛනික පරිභෝජනයට නිර්දේශිත 22 % සිට 29% දක්වා ප්‍රමාණයක් අඩංගු වේ.

     

    කිරි ඉතාම වැදගත් කෘෂිකාර්මික නිෂ්පාදන අතරින් එකකි. කිරි සහ කිරි නිෂ්පාදන සඳහා ලොව විශාලතම අපනයනකරුවන් වන්නේ යුරෝපා සංගමයේ සාමාජික රටවල්, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාවෙ හා නවසීලන්තය ය.

     

    ලෝක කිරි දිනය ලොව පුරා බොහෝ රටවල සමරනු ලබයි. එය කිරි සහ කිරි නිෂ්පාදන ඇති වැදගත්කම හඳුනා ගැනීමට අවස්ථාවක් ද වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya