පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය ආශ්රිත ව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මෙන් ම රථවාහන සැලැසුමක් ද ක්රියාත්මක කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි. ඒ අනුව පොලිස් නිලධාරීන් 5000ක් පමණ ආරක්ෂක රාජකාරිවල යොදාවා ඇති අතර නිල ඇඳුමෙන් මෙන් ම සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරින් ද රාජකාරී සඳහා යොදවා ඇත. පොසොන් සතිය පසුගිය 30දා ආරම්භ වූ අතර එය ලබන 05දා දක්වා ක්රියාත්මක කෙරෙයි. DB