ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද(28) මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
17වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මෙන් නොව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනමාධ්‍ය පාලනය සම්බන්ධයෙන් දැඩි කරුණු ඇති බවත් එහිදී රාජ්‍ය මාධ්‍ය විශේෂ වන බවත් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පැහිදිලි කරණු ලැබීය. එමෙන් ම ඉදිරියේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වමින් මෙම කරුණු
ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ ව ස්ථීර තීරණයකට එළැඹෙන බවත් මෙහිදී පෙන්වා දුනි.
ආසියානු සංස්කෘතිය තුළ කියවන, ඇසෙන, දකින දෙය පිළිබඳ ජනතාව වඩා වැඩි විශ්වාසයක් ඇති කරගන්නා බැවින් මාධ්‍ය ආයතන දේශපාලනීකරණය වීම පාලන කළ යුතු බවත් කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.
"ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5%කටත් වඩා අඩුයි. බොහෝ කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ වන්නේ වෙනත් සබඳතා මත මිස ක්‍රියාකාරී ලෙස නොවේ. ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂයක ප්‍රධාන විධායක සභාවට 1/3ක්, මධ්‍යම විධායක සභාවට 1/4ක් හා නිලධාරී මණ්ඩලයෙන් 1/3ක් කාන්තාවන් විය යුතු බවට තීරණය කොට තිබෙනවා. එබැවින් කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා වඩා වැඩි වගකීමක් තිබෙන්නේ දේශපාලන පක්ෂවලටයි".
රාජ්‍ය ආයතන ඒක පාර්ශවික ව කටයුතු කිරීම වළක්වාලමින් මධ්‍යස්ථව කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙන් ම එම ආයතනවල සේවා සියලු පක්ෂවලට ලබාගැනීම පිළිබඳ ව සාකච්ඡා කොට ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජාතික මට්ටමෙන් මෙන් ම දිස්ත්‍රික් මට්ටමින් කමිටු පිහිටුවාගෙන වන බවත් කොමසාරිස්වරයා කීය.
පසුගිය මැතිවරණයේ දී රාජ්‍ය මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ස්වේච්ඡා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් මෙන් ම දේශපාලන පක්ෂවලින් ද චෝදනා ඉදිරිපත් කොට ඇති බවත් රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් විපක්ෂයෙන් ද පෞද්ගලික මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් ද පැමිණි ලැබුණු බව කොමසාරිස්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
DB