නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෝහල්වල කටයුතු අඩාල නොවී පවත්වාගෙන යාමට යුද හමුදා සහාය

    මැයි 27, 2015
    රට පුරා රෝහල්වල ක‍්‍රියාත්මක වෙමින් ඇති කණිෂ්ඨ කාර්යය මණ්ඩල වැඩවර්ජනය හේතුවෙන් අඩාල වී ඇති රෝහල් කටයුතු පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය ලබාදීමට පියවර ගෙන ඇත.
     
    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය යුද හමුදාපති ලුතිතන් ජනරල් ක්‍රිශාන්ත ද සිල්වා මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව රෝහල්වල සේවා කටයුතු පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් අනුයුක්ත කර ඇත.
     
    ඒ අනුව මේ වන අවිස්සාවෙල්ල රෝහලට 21ක් දෙනෙකු, බදුල්ල රෝහලට 21ක් දෙනෙකු, කොස්ගම රෝහලට 05ක්, කොළඹ (දකුණ)රෝහලට 61, කුරුණෑගල රෝහලට51 දෙනෙකු, ඇල්පිටිය රෝහලට26 දෙනෙකු, මාතර රෝහලට 26 දෙනෙකු , රිජ්වේ ආර්යා රෝහලට102 දෙනකු හා ඔක්කම්පිටිය රෝහලට 05 දෙනකු වශයෙන්  යුද හමුදා සාමාජිකයින් පිරිසක්318ක පිරිසක් අනියුක්ත කොට ඇත.
     
    මීට අමතරව තවත් ඇති වන අවශ්‍යතාවයන් සඳහා යුද හමුදා සාමාජිකයන් පිරිස් සූදානම් කර ඇති බවද යුද හමුදා ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya