නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ පනත සමඟ තොරතුරු සේවාවක් Featured

    මැයි 27, 2015

    නිදහස් ජනමාධ්‍ය සම්ප්‍රදායක් බිහිකිරීමේ පරමාර්ථයෙන් යුතුව ක්‍රියාත්මක වන නව රජයේ ප්‍රධාන මෙහෙවරක් ලෙස ඉදිරියේ දී සම්මත කර ගැනීමට අදහස් කරන තොරතුරු පනත සමඟ තොරතුරු කොමිෂන් සභාවක් පිහිටුවීමට යෝජිත බන ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරන ලදී.

     

    තොරතුරු දැන ගැනීමේ පනත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම මෙම කොමිෂන් සභාව හරහා ක්‍රියාමත්මක කරන බව පරණවිතාන මහතා ඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී එහි දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරීන් හමුවේ පැවසීය. මෙමඟින් සියලු අමාත්‍යංශ හා රජයේ ආයතනවල තොරතුරු මහජනතාවට ලබා දීම සඳහා තොරතුරු නිලධාරීන් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව කී පරණවිතාන මහතා මෙහි දී රජයේ ප්‍රවෘත්ති නිලධාරීන්ට ප්‍රමුඛත්වයක් ලබා දෙන බව ද කීය. තොරතුරු සේවාව යටතේ පුළුල් වපසරියක් තුළ රජයේ මාධ්‍ය මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යාමට අදහස් කරන බවත් පැවසීය.

     

    රජය මාධ්‍යවාරණයකින් තොරව මෙන්ම වක්‍ර ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයේ තෝරාගත් කොටසක් පමණක් වර්ධනය කිරීමේ පසුගිය පිළිවෙත් බැහැරලා නව රජයේ පොදු වැඩපිළිවෙලක් යටතේ පසුගිය සඳුදා (25) සියලු ජනමාධ්‍යවේදීන්ට නිවාස ලබා දීමේ ව්‍යාපෘතියක් හෝමාගම දියගම නගරයේ දී ආරම්භ කළ බව පැවසීය.

     

    මෙම හමුව අර්ථවත් කරමින් රජයේ නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය සහ අධ්‍යක්ෂ (මාධ්‍ය) වසන්තප්‍රිය රාමනායක මහතා ද කතා කළහ.

     

    SDF

    p1p3p2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya