නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාදුරුඔය විශේෂ බලකායේ විසිර යාමේ පෙළපාළිය ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

    මැයි 25, 2015
    ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසලේ 46වැනි විසිරයාමේ පෙළපාළිය ආරක්ෂක ලේකම් බී. එම්.යූ.ඩී. බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පවත්වන ලදී.
     
    යුද හමුදාපති ලුතිතන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා හා රෙජිමේන්තු සේනාවිධායක මේජර් ජෙනරල් සුමේධ පෙරේරා යන මහත්වරු විසින් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තාවූ ආරක්ෂක ලේකම්තුමා පිළිගන්නා ලදී.
     
    මෙම විසිරයාමේ පෙළපාළියේ දී මාස 8ක සම්පූර්ණ පාඨමාලාව සාර්ථකව නිමා කළ විශේෂ බලකායේ නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසු නිලයන් 327 දෙනෙකු විසිර යන ලදී. ආරාධිත අමුත්තා වූ බී.එම්.යූ.ඩි. බස්නායක මහතා වෙත මෙහිදී විශේෂ ගෞරවාචාර පෙළපාළියක් පිරිනමන ලද අතර අනතුරුව ආරක්ෂක ලේකම්තුමා යුද හමුදාපතිතුමාද කැටුව පෙළපාළිය පරීක්ෂා කරන ලදී.
     
    පසුව ආරක්ෂක ලේකම්තුමා විසින් මෙම පාඨමාලාව නිමා කරන ලද නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා සහ පාඨමාලාවේදී විශිෂ්ඨ දක්ෂතා පෙන්වන ලද අයවළුන් සඳහා විශේෂ තිළිණයන් පිරිනමන ලදී.
     
    අනතුරුව උත්සව සභාව ඇමතූ බස්නායක මහතා මෙම පාඨමාලාව කාලය තුළ දී සියලු ම අභියෝගයනට සාර්ථකව මුහුණ දී එය නිමා කළ හා එහිදි ‍විශේෂ දක්ෂතා පෙන්වන ලද සියලුදෙනාට ම සිය ස්තූතිය පිරිනමන ලද අතර පසුගිය යුද සමයේ දී රට බේරාගැනීම සඳහා සිය ජීවිත පරිත්‍යාග කළ හා ආබාධිත තත්ත්වයට පත් සියලුම විශේෂ බලකා සාමාජිකයනට ද රජය වෙනුවෙන් සිය ප්‍රශංසාව පුද කර සිටියේය. 
     
    විශේෂ බලකා පුහුණුවේ ඇති වැදගත්කම පෙන්වාදුන් ආරක්ෂක ලේකම්වරයා නිරතුරුවම මව්බිමේ සුරක්ෂිතභාවය සඳහා ඔවුන්ගෙන් සිදුවන සේවය අගය කිරීමට ද මෙහිදී අමතක නොකළේය.
     
    මෙම විසිරයාමේ පෙළපාළියේදී පැරෂූටි සංදර්ෂනයක්, සන්නද්ධ යතුරුපැදි කරුවන්ගේ සංදර්ශනයක්, නාගරික යුද අභ්‍යාස සිදුකරනු ලබන ආකාරය දැක්වෙන සංදර්ශනයක්, ටයිකොන්ඩෝ සටන් ක්‍රම සහ තවත් දර්ශණයන් ද ප්‍රදර්ශණය කළ අතර එය නැරඹීම සඳහා පැමිණි සිටි ඔවුන්ගේ දෙමාපියන් හා පවුල්වල සාමාජිකයන් තම දුරුවන්ගේ දක්ෂතාවයන් දැක ඉමහත් ප්‍රීතියට පත්වූහ.
     
    අනතුරුව ආරක්ෂක ලේකම්තුමා විසින් විශේෂ බලකා මුලස්ථාන පරිශ්‍රයේ ඇති කර්නල් ලාෆීර් අනුස්මරණ පුස්තකාලය සහ ඔසු උයන ද නිරික්ෂණය කරන ලද අතර මෙම අවස්ථාව සිහිපත් විම සඳහා මෙම පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරීම ද බස්නායක මහතා විසින් මෙහිදී සිදු කරන ලදී.
     
    මෙම අවස්ථාව සඳහා සම්භාවණීය අමුත්තන්, යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශේෂ බලකා පුහුණු පාසැලේ පුහුණු කිරීමේ නිලධාරීන් සහ විසිර ගිය නිලධාරී හා සෙසු නිලයන්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya