සෑම වර්ෂයකම මැයි මස 23 දිනට ජාතික තරුණ දිනය යෙදී ඇත. තරුණයින් ඇගයීමට ලක් තරමින් මෙවරත් දිවයින පුරා තරුණ දිනය සමරනුයේ මහත් අභිමානයනි. 1983 මැයි 23 දින යෞවන සමාජ සම්මේලන පිහිටවු දිනය ජාතික තරුණ දිනය ලෙස නම් කර ඇත.
විශේෂයෙන් මෙම තරුණ දිනයට විශේෂිත වු කරුණු ගණනාවක් මාගේ මතකේ නැඟේ. අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා 1979 වර්ෂයේ එවකට රැකි රක්ෂා භාරව අමාත්‍යවරයා ලෙස සිටියදී තරුණයන් වෙනුවෙන් වෙනම අමාත්‍යංශයක් ඇති කර තරුණයන් උදෙසා විශේෂ කාර්යය භාරයක් ඉටු කර ඇත. ජාතික තරුණ සේවා සභාව නිර්මාණය වුවේද එහි ප්‍රතිඵලයක් ලෙසින්ය. අදත් තරුණ කටයුතු භාර කැබිනට් අමාත්‍යවරයා වන්නේ වර්තමාන
අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාය.
ජාතික තරුණ දිනය සමරන මැයි 23 දින සියලු ම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් තරුණ තරුණියන් 1500 සහභාගිත්වයෙන් තරුණ සේවා සභාවේදී පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහනට මාගේ සුභ පැතුම් එක්කරණුයේ තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස හද පිරි සතුටින්ය. මෙහි දී තරුණයන්ගේ ගැටලු පිළිබඳවත් ඒවාට ගතහැකි ක්‍රියාමාර්ග සහ ඔවුන්ගේ අනාගතය ගැන තවදුරටත් සකච්ඡාවට භාජනය වේ.
මෙම වැඩසටහනට නැවත වතාවත් තරුණ කටයුතු අමාත්‍ය නිර්මාතෘ රනිල් විකුමසිංහ මැතිතුමා මුල්වීමද මා එහි රාජ්‍ය
අමාත්‍යවරයා වීම ගැන මාගේ සතුටට කරුණකි. අභිමානවත් තරුණයන් වෙනුවෙන් ජාතික තරුණ දිනය සැමරීමට ලැබීමත් එයට සුභ පැතුම් එක් කිරීමට ලැබීමත් මම භාග්‍යයක් කොට සලකමි.
DB