නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුව 24 දා

    මැයි 20, 2015

    අධිකරණ වාර්තාකරණයේ යෙදී සිටින විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන්ගේ වෘත්තිය දැනුම සංවර්ධනය කර අධිකරණ වාර්තාකරණය පිළිබඳව පුළුල් දැනුමක් ලබාදීමේ අරමුණින් අධිකරණ අමාත්‍යාංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සංවිධානය කරන අධිකරණ වාර්තාකරණය පිළිබඳව ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුව ලබන 24 දා පෙ.ව. 9.30ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත් වේ.

    අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ.

     

    මෙම වැඩමුළුවේදී ජනමාධ්‍ය මූලධර්ම,ජන මාධ්‍ය ආචාර ධර්ම, නීති අණපනත් හා අධිකරණ වාර්තාකරණයේදී මාධ්‍යවේදීන් අනුගමනය කළ යුතු මූලධර්ම හා න්‍යායන් පිළිබඳව පුළුල් දැනුමක් ලබාදීම සඳහා නීති විශාරදයින් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් හා ප්‍රවීණ මාධ්‍යවේදීන්ගේ දේශන කිහිපයක් ඇතුළත් කර ඇත.

    මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව, නීති කොමිෂන් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වීමට නියමිතය.

    අධිකරණ වාර්තාකරණ පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම මාධය වේදීයකුට මෙම වැඩමුළුවට සහභාගී විය හැකි අතර මෙම වැඩමුළුව අවසානයේ සෑම මාධ්‍යවේදියකුටම සහභාගිත්වය සනාථ කරන සහතිකයක්ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර අධිකරණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මෙම කේෂ්ත්‍රය ආවරණය කරන මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවර්ධන වැඩපිළිවෙළක්ද ආරම්භ කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya