නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව අවට මාර්ගවල රථවාහන ධාවනය සීමා කෙරේ

    මැයි 20, 2015

    විජයග්‍රහණයේ සැමරුම නිමිත්තෙන් අද (20) පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදි පැවැත්වෙන රණවිරු සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි

    පස්වරු 0100 සිට උත්සවය අවසන් වන තෙක් එනම් පස්වරු 0700 පමණ වෙන තෙක් ගමනා ගමනය සිමා කරන මාර්ගයන්

    පොල්දුව හංදියෙන් පාර්ලිමේන්තු පාර
    කිඹුලාවල හංදියෙන් ජපන් මිත්‍රත්ව පාර
    පාලම් තුන හංදියෙන් පාර්ලිමේන්තුව දෙසට ඇති මාර්ගය
    පැලවත්ත හංදියෙන් පාර්ලිමේන්තුව දෙසට ඇති මාර්ගය

     

    මේ අනුව මහජනතාවට පහත විකල්ප මාර්ග භාවිතා කල හැකි බව පොලීසිය පවසයි.

     

    පොල්දුව හංදියෙන් පාර්ලිමේන්තු පාර වෙනුවට බත්තරමුල්ල හංදියෙන් පන්නිපිටිය පාර ඔස්සේ පාලම් තුන හංදියට, පැලවත්තට, තලවතුගොඩට හා තලවතුගොඩ හංදියෙන් කිඹුලාවල දෙසට ගමන්කල හැක.

     

    කිඹුලාවල හංදියෙන් ජපන් මිත්‍රත්ව පාර වෙනුවට තලවතුගොඩ හංදියෙන් පැලවත්ත, පාලම් තුන, බත්තරමුල්ලටත්, පාලම් තුන හංදියෙන් මාලඹේ දෙසටත් ගමන් කල හැක.

     

    පාලම් තුන හංදියෙන් පාර්ලිමේන්තුව දෙසට ඇති මාර්ගය වෙනුවට පාලම් තුන හංදියෙන් බත්තරමුල්ල හංදියට ගොස් කොළඹ දෙසටත් පාලම් තුන හංදියෙන් තලවතුගොඩ හංදියට ගොස් කිඹුලාවල හා පිටකොට්ටේ දෙසටත් ගමන් කල හැක.

     

    පැලවත්ත හංදියෙන් පාර්ලිමේන්තුව දෙසට ඇති මාර්ගය වෙනුවට පාලම් තුන හංදියෙන් බත්තරමුල්ල හංදියට ගොස් කොළඹ දෙසටත්, තලවතුගොඩ හංදියට ගොස් කිඹුලාවල හා පිටකොට්ටේ දෙසටත් ගමන් කල හැක.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya