සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කරමින් යුද, ගුවන්, නාවික පොලිස් සහ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයෝ 6000ක් පමණ විජයග්‍රහණයේ සැමරුම් පෙළපාළියට එක්වූහ.
ත්‍රිවිධ හමුදා ෆැරෂුට් සංදර්ශනයක්, ගුවන් ප්‍රහාරක යානා පෙළක්, නාවික යාත්‍රා පෙළක් යනාදියෙන් මෙම පෙළපාලිය සමන්විත විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණිය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා, ආරකෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු මැති ඇමතිවරු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
kpm