විශේෂයෙන් ගෘහ සේවය සඳහා දැනට විදෙස්ගත වන කාන්තාවන් බහුතරයක් විවිධ හිරිහැර සහ පීඩාවන්ට ගොදුරුවීමේ සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වේ.
ඒ අනුව, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත්. පී. පෙරේරා මහතා විසින් “මෛත්‍රී පාලනයක්: ස්ථාවර රටක්“ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි මැද පෙරදිග ඇතුළු විදේශයන්හි සේවයෙහි නිරත ගෘහ සේවිකාවන්ගේ ශ්‍රී ලංකාවෙහි වාසය කරන පවුල් රැක බලාගැනීම සඳහා විශේෂ පවුල් සුරැකුම් වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අවධානයට ලිපියක් යොමු කරන ලදී.
එම කරුණු පිළිබඳව රජයේ අවධානය යොමු කරමින්, කාන්තාවන් විදේශ ගතවීම් අවම කිරීම සහ ඔවුන්ගේ සුභසාධනය පිළිබඳ නිශ්චිත ක්‍රමවේදයක් සහිත ප්‍රතිපත්තියක් සකස් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කොට ඇත.
SDF