නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 රණවිරු සමරු උළෙල අද මාතර දී

    මැයි 19, 2015

    රණවිරු සැමරුම් ජාතික උත්සවය අද (19) වෙරළ උද්‍යාන පරිශ‍්‍රයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි. අවසන් මානුෂීය මෙහෙයුමට සහභාගී වූ රණවිරුවන් පමණක් නොව තිස් වසරකට අධික කාලයක් ත්‍රස්තවාදය පරාජය කිරීමට කැප වූ සෑම සියලු හමුදා විරුවකුම සිහිපත් කර ඔවුන් වෙනුවෙන් කෘතගුණ සැලකීම පිණිස මෙම රණවිරු සැමරුම සිදු කෙරේ.

     

    පූජ්‍ය පක්ෂය, අමාත්‍යාංශ ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා, තානාපතිවරු, ආයතන ප්‍රධානින්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු විවිධ අංශ නියෝජනය කරන ආරාධිත අමුත්තන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වේ.

     

    මෙම උත්සවයේ සුවිශේෂ ලක්ෂණය වෙන්නේ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, විශේෂ කාර්ය බළකායේ, සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු සියලු ආරක්ෂක අංශ නියෝජනය කරමින් සිදු කෙරෙන පෙළපාලිය සහ අද අලුතින්ම ඊට එකතුවෙන විශ්‍රාමගිය හමුදා විරුවන්ගේ පෙළපාලියයි.

     

    සියලු හමුදා රෙජිමේන්තු නියෝජනය කරමින් හමුදාවේ අභිමානය කියාපාන මෙම පෙළපාලිය අවසානයේ විවිධ සංදර්ශනද පැවැත්වෙයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya