ඒ අනුව අද උදෑසන සිට උත්සවය අවසන්වන තෙක් මාතර වෙරළපාරේ සම්පුර්ණයෙන් ම වාහන ගමනාගමනය සීමා කෙරේ. අද උදෑසන 9.00 සිට උත්සවය අවසන් වන තෙක් මාතර ප්රධාන බස් නැවතුම්පොළ අකුරැස්ස ප්රධාන මාර්ගයේ ඉසදින් නගරයේ මීරා පාර අසලට රැගෙන යනු ඇත.
හෙට (19) අලුයම 4.00 සිට උත්සවය අවසන්වන තෙක් මාතර නගරය පසු කරන බර වාහන සඳහා මෙන් ම සැහැල්ලු වාහන සහ මගී ප්රවාහන බස් රථ සඳහා විකල්ප මාර්ගයන් භාවිත කළ යුතු වේ.
DB