නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධයේ දී පමණක් නොව වෘත්තීය ක්‍රියාවලදීත් ලොවම දිනිය හැකි හමුදාවක් අප සතුයි - හමුදාපති

    මැයි 14, 2015
    පසුගිය 26දා නේපාලයේ සිදු වූ දරුණු භූමි කම්පාව හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා එරටට ගිය ශ්‍රී ලංකා හමුදා භට පිරිස් අපමණ කැපවීමෙන් යුතුව එකී කටයුතු සිදු කර ඇති බවත් ඒ පිළිබඳ ව විදේශීය රටවලින් පවා අද අප හමුදාව ප්‍රශංසා ලබන බවත් ශ්‍රී ලංකා හමුදාව යුද්ධයේ දී පමණක් නොව සිය වෘත්තීය හා මානුෂිය කටයුතුවලදී ද මුළු ලොවම දිනාගත හැකි හමුදාවක් බවත් එම සහන කටයුතු සඳහා ගොස් නැවත දිවයිනට පැමිණි රණ විරුවන් පිළිගැනීම සඳහා පැවති උත්සවයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පවසා සිටියේය.
     
    පසුගිය දින ගණනාවක් පුරා නේපාලය තුළ ඔවුන් කළ එම සුවිශේෂී ක්‍රියාන්විතය ලොවටම ආදර්ශයක් වූ බවත් ඒ සඳහා ඔවුන් දක්වා ඇති ප්‍රතිචාරවලින් ඔප්පු වී ඇති බව අවධාරණය කළ හමුදාපතිවරයා ඔවුන්ගේ එම කැපවීම අගයා නේපාල රජයත් තානාපතිවරු සහ නේපාල බනීෂා විහාරස්ථානයේ විහාරාධිපති හාමුදුරුවන් වහන්සේද එම හමුදා භට පිරිස් වෙත සමරු තිළිණ සහ ඇගයීමේ සහතික ද මෙරටට එවා ඇති බවද මෙහිදී සඳහන් කළේය.
     
    නේපාල කත්මණ්ඩු මෙහෙයුමට සහභාගී වූ යුද, ගුවන්, නාවික හමුදා නිලධාරීන් 144 දෙනෙක් මෙහිදී ඇගයීමට ලක් කෙරුනු අතර ක්‍රිෂාන්ත ද සිල්වා මහතා විසින් මෙහිදී ‍නේපාල රජය මෙන්ම එහි හමුදාපතිවරයා ඇතුළු විවිධ අංශ මගින් අප හමුදාවේ කාර්යභාරය අගයමින් ප්‍රදානය කරන ලද තිළිණ සහ සහතික පත් එම සහන කණ්ඩායම මෙහෙයවූ මේජර් ජෙනරාල් එම්.එම්. එන්. ඩයස් ඇතුළු නිලධාරීන් වෙත බාරදීම ද සිදු කරන ලදී.
     
    එසේම නේපාල කත්මණ්ඩු නුවර භූ චලනය සිදු වී ඉතා කෙටි කාලයක් තුළ එරටට ගිය ප්‍රථම සහන කණ්ඩායම් බවට අපේ හමුදාවන් පත්වීම මෙරටට මහත් ගෞරවයක් බව යුද්ධ හමුදාපතිවරයා මෙහිදී පැවසීය. ත්‍රිවිධ හමුදාවට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරු සිවු දෙනෙක් රජයෙන් කළ ඉල්ලීමට ගෞරව කරමින් එරට ජනතාවට පිහිටවීමට හමුදාව සමග කැපවූ ආකාරය ද හමුදාපතිවරයාගේ ඇගයීමට ලක් කළේය.
     
    සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පිළිපදිමින් ගෞරවණීය සහ විනයගරුක, කාර්යක්ෂම, හමුදාවක් ලෙස අපේ හමුදා සහන කණ්ඩායම් කළ කැපවීම සුවිශේෂී කර්තව්‍යයක් බව පෙන්වා දුන් හමුදාපතිවරයා ඔවුන් ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකි පරිදි ලබා තිබූ පුහුණුව සහ එම මෙහෙයුම සාර්ථක කර ගැනීමට ඉවහල් වූ බවද මෙහිදී පෙන්වා දුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya