නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලට රුපියල් මිලියන 760ක වියදමින් නව අධිකරණ සංකීර්ණයක් Featured

    මැයි 13, 2015
    ගාල්ල දිස්ත්‍රික්කයේ අධිකරණ කටයුතු  වඩාත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ඉටු කිරීමට හැකිවන ලෙස රුපියල් මිලියන 760ක වියදමින් නව අධිකරණ සංකීර්ණයක් ඉදිකිරීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
     
    මෙහිදි ඉදිකිරීම් මේ වන විට 25%ක් අවසන් වී තිබෙන අතර ලබන වසර අවසන් වන විට ජනතා අයිතියට පත් කිරීමට නියමිතව බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
     
    නව ගාල්ල අධිකරණ සංකීර්ණය මහජනතාවට අධිකරණ කටයුතු වලට සහභාගී වීම සඳහා නවින පහසුකම් වලින් යුත් මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, මහාධිකරණ ඇතුලුව සියලුම අධිකරණ සේවා පහසුකම් ලබා දීමට හැකිවන ලෙස නිර්මාණය කර ඇති අතර මෙම අධිකරණ සංකීර්ණය තුළ මහජනතාවගේ සියලුම අධිකරණ සේවා කටයුතු එකම ස්ථානයකට පැමිණ විසඳා ගැනීමට හැකිවන ලෙස නිර්මාණය කර ඇත.
     
    ගාල්ල අධිකරණ සංකීර්ණයේ ගොඩනැගිලි පහසුකම් අතර විනිසුරුකාරතුමන්ලාගේ සේවා කටයුතු වඩාත් පළල්ව හා කාර්යක්ෂමව ඉටුකිරීමට හැකි වන ලෙස කාමර පහසුකම්, අධිකරණ ශාලා පහසුකම්, විනිසුරු විවේකාගාර පහසුකම්, පුස්තකාල  පහසුකම්, තොරතුරු තාක්ෂණ පහසුකම්වලින්  සමන්විතය.
     
    නීතිඥ ශාලා පහසුකම්, නීතිඥ විවේකාගාර පහසුකම්, ආපන ශාලා, රජයේ ප්‍රකාශන, නඩු වාර්තා හා ඡායා පිටපත් ආදී සේවාවන් මහජනතාව වෙනුවෙන් වඩාත් පුළුල්ව සකස් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.
     
    මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පූර්ණ නිරීක්ෂණය කරනු ලබන අතර මෙම ඉදිකිරීම් කඩිනම් කිරීමට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට උපදෙස් ලබා දී ඇත.
     
    පහසුකම් සහිත අධිකරණ පද්ධතිය නවීකරණය කිරීම යටතේ මේ වන විට ගොඩනැගිලි පහසුකම් හා කාර්යාල පහසුකම් අඩුපාඩු තිබෙන මහෙස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ හා මහාධිකරණ නවීකරණය කිරීමට පියවර ගෙන තිබෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. 
     
    මෙම ව්‍යාපෘතියට අමතරව දැනට ඉදිකිරීම් කටයුතු කරගෙන යන වත්තල අධිකරණ ශාලා පහසුකම් සඳහා රුපියල් මිලියන 194 වැය කෙරෙන අතර හෝමාගම නව මහාධිකරණය වෙනුවෙන් රුපියල් මිලියන 230ක් පමණ වැය කරනු ඇත. මඩකලපුව, ගලගෙදර, මුතූර්,නොච්චියාගම, සයින් ද මරුදු ක්වාසි අධිකරණය ඇතුළු අධිකරණ ගොඩනැගිලිවල ඉදිකිරිම් කටයුතු මේ වන විට නිම වෙමින් පවතින අතර මේ සඳහා  රුපියල් මිලියන 200ක් පමණ වැය කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. 
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya