කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් වන නීතිඥ දිසානායක මහත්මිය දෙ දරු මවකි. ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක් වශයෙන් 1983දී දිවුරුම් දුන් ඇය ජනාධිපති නීතිඥ ජේ. ඩබ්ලිව් සුභසිංහ සහ රාජනීතිඥ එච්.ඩබ්ලිව් ජයවර්ධන යන මහත්වරුන්ගේ කණිටු නීතිඥවරිය ලෙස 1991 දක්වා ද පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නීතිඥවරියක් ලෙස ද කටයුතු කළාය. දිසානායක මහත්මිය නියෝජ්‍ය මහාභාරකාර ධූරයට 2008දී පත් විය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාභාරකාරවරිය වශයෙන් නීතිඥ දිසානායක මහත්මිය හෙට (13) දා පෙරවරුවේ දී එම දෙපාර්තමේන්තුවේ දී වැඩ භාරගැනීමට නියමිතය.
DB