නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති සේවය ගමට යෑමේ වැඩපිළිවෙළක්

    මැයි 12, 2015
    ජනතාවට නීතිය පිළිබඳව පුළුල් දැනුමක් ලබාදීමට නීති සහන සේවාව ගමට ගෙන යාමේ නව වැඩ පිළිවෙලක් ආරම්භ කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපකෂ මහතා පැවසීය.
     
    1978 අංක 27 දරණ පාර්ලිමේන්තු පනතින් ස්ථාපිත කරනු ලැබු නීති ආධාර කොමිෂන් සභාව මඟින් ජනතාවට නීති ආධාර දශක 4කට ආසන්න කාලයක් තිස්සේ ලබා දීමට දිවයින පුරා ක්‍රියාත්මක් වී ඇතත් රටේ සාමාන්‍ය  ජනතාවට නීතිය පිළිබඳව තිබෙන දැනුම අවබෝධය ඉතාම පහළ මට්ටමක පවතින බැවින් මෙවැනි වැඩසටහන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    නීති ආධාර ලබා දීම සඳහා මහරගම ඉසිපතනාරාමයේදී පසුගිය දා පැවැති ජංගම නිති සායනය විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජනහමුවේදි ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර යුක්තිගරුක,විනය ගරුක සාධාරණ ජන සමාජයක් ගොඩනඟන්නට නම් නීතියේ රැකවරණය සැමට සමානව හිමි විය යුතු මෙන්ම ඒ පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බව ද සඳහන් කළේය.
     
    මුදල් නොමැති ඕනෑම පුරවැසියකුට නීතිය පිළිබඳව දැනුමක් අවබෝධයක්  ලබා ගැනීමට 1978 අංක 27 දරණ පාර්ලිමේන්තු පනතින් නීති ආධාර කොමිෂම නොමිලේ ජනතාවට නීති ආධාර ලබාදෙන නමුත් මේ පිළිබඳව ජනතාව දක්වන උනන්දුව ඉතාම පහළ මට්ටමක පවතින බව පෙන්වා දුන් ඒ මහතා එම නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 ඉලක්ක කරගෙන ග්‍රාම සේවා වසම් 15000ක නීතිය පිළිබඳව මහජන අවබෝධය පුළුල් කිරීම සඳහා නීතිය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව පැවසීය. 
     
    ග්‍රාමීය මට්ටමේ බොහෝ කාන්තාවන් තම පුරුෂයාගෙන් ශාරීරික හා මානසික පීඩාවන්ට පත් වන බැවින් ඔහුන්ට නීතියේ පිළිසරණක් ලබා දිය යුතු බවත් එසේ සමාජයේ වැඩිහිටි වයෝවෘද්ධ දෙමාපියන්ට තම දේපල සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලු පිළිබඳ නිරවුල්තාවයක් ලබාදිමට ද මෙවැනි වැඩසටහන් වැදගත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya