නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර හෙද දිනය අද Featured

    මැයි 12, 2015

    උතුම් වූ හෙද සේවයේ යෙදෙන ලොව පුරා හෙද හෙදියන් සෑම වසරකම මැයි 12 දින අභිමානයෙන් යුතුව සමරති.

    හෙද සේවය සඳහා අමරණීය සේවාවක්‌ ඉටු කළ එමෙන්ම එය වර්තමානයේ පවතින ආකාරයට ක්‍රමවත් ආකාරයට ක්‍රමවත් හා විද්‍යාත්මක පදනමකින් ලොව පුරා ස්‌ථාපිත කළ හෙද සේවයේ මාතාව ලෙස විරුදාවලිය ලත් "ෆ්ලොරන්ස්‌ නයිටිංගේල්" මැතිනියගේ ජන්ම දිනය පදනම් කර ගනිමින් මැයි 12 දා ජාත්‍යන්තර හෙද දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

     

    1899 දී පිහිටුවනු ලැබූ ජාත්‍යන්තර හෙද කවුන්සලය විසින් ගනු ලැබූ තීරණයක් අනුව එතැන් පටන් සෑම වසරකදීම මැයි මස 12 වැනි දින ජාත්‍යන්තර හෙද දිනය ලෙස සමරනු ලබයි. විධිමත් හෙද සේවාවක්‌ ඇරඹීමක්‌ සමග 1939 වර්ෂයේ සිට අප රටේ ද ජාත්‍යන්තර හෙද දිනය සැමරීම සිදු කරනු ලබයි.

     

    ශ‍්‍රී ලංකාවේ හෙද සේවාව ද බොහෝ ගැහැට මැද තම තත්වය ආරක්ෂා කර ගන්නට වෙර දරයි. මේ තත්වය තුළ ඊට සවියක් වන්නට බිහිවූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ආරම්භයේ සිටම ජාත්‍යන්තර හෙද දිනය සැමරීමට ප‍්‍රමුඛ අවධානයක් යොමු කරනු ලැබිණි.

     

    ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය අද (12) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

     

    රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමය විසින් සංවිධාන කරනු ලැබූ ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (09) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya