ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් නන්දන උඩවත්තගේ උපදෙස් මත මෙම සංවත්සර වැඩසටහන සංවිධානය වූ අතර, පසුගිය දා පොලිස් හේවා බලකා මුලස්ථාන පරිශ්‍රයේ දී මියගිය විරුවන් සිහිකිරිම හා සේවයේ නියුතු නිලධාරීන් හා සෙසු නිලයින් වෙත ආශිර්වාද පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් සහ පසුදින සාංඝික දානමය පිංකමක් ද පවත්වන ලදි.
එමෙන්ම, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත වෙත හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් ද පවත්වන ලදී.
එදින පස්වරුවේ සියලු නිලයන් සඳහා දිවාභෝජන සංග්‍රහයක් ද පැවැත් වූ අතර, විශ්‍රාමික සහ සේවයේ නියුතු නිලධාරින් මෙන් ම සෙසු නිලයන් විශ්‍රාල පිරිසක් මෙම වැඩසටහන සඳහා එක්ව සිටියහ.
DB