නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ හමුදා නේපාලයේ රෝගීන් සුව කරති Featured

    මැයි 04, 2015

    නේපාලයේ සහන සේවා කාර්යයන්හි නියුතු ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා කණ්ඩායම මේ වන විට රෝගීන් 1500 කට අධික ප්‍රමාණයකට වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය  පහසුකම් සලසා ඇත.

    කත්මණ්ඩු නගරයට කිලෝමීටර 60 ක් පමණ දුරින් පිහිටි ධොලල්ගාට් ප්‍රදේශය ආශ්‍රිත සහන සේවා කටයුතු ශ්‍රී ලංකාව වෙත පැවරී ඇති අතර, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඉතා ධෛර්යයෙන් හා කැපවීමෙන් යුතුව මේ කාර්යයන්හි  නිරත වන බව හමුදා කණ්ඩායම භාරව සිටින මේජර් ජෙනරාල් මෛත්‍රී ඩයස් මහතා පවසයි.

    ගොඩනැගිලි සහ කඳු කඩා වැටී අවහිර වී තිබූ මාර්ග ගණනාවක් ද ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බලකායේ සාමාජිකයන් විසින් යළි යථා තත්වයට පත් කර තිබේ. මේ නිසා ධොලල්ගාට් අවට ග්‍රාමීය ප්‍රදේශයන්හි වෙසෙන ලක්ෂයක පමණ ජනතාවකට සහන සේවා සැපයීමේ ඉඩ හසර විවෘත වී ඇත.

    සිපගාට් පළාතේ එල්ලෙන පාලමක් කඩා වැටීම නිසා ගම්මාන කිහිපයක් දින 5 ක් තිස්සේ හුදෙකලාවී තිබුණු අතර, ශ්‍රී  ලංකා හමුදාවෝ පසුගිය 30 වන දා ඒ පාලම යළි පිළිසකර කිරීමට සමත් වූහ. මේ නිසා ඒ ගම්මාන වෙත ආහාර සහ වෛද්‍යාධාර යැවීමට හැකියාව දැන් ලැබී තිබේ.

    නේපාලයේ වෙසක් උත්සවය සැමරීම අද (04) දිනට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා හමුදාවන් විශේෂ වැඩසටහන් කීපයක් ද දියත් කිරීමට නියමිත ය.

    නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්. එම්. සෙනෙවිරත්න මහතා ප්‍රධාන කාර්ය මණ්ඩලය වෙතින් සහන සේවා සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරේ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya