නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 1488කට නිදහස

    මැයි 04, 2015
    වෙසක් පුන් පොහොය නිමිත්තෙන්, ජනාධිපති විශේෂ සමාව යටතේ දිවයින පුරා බන්ධනාගාරවල සිරකරුවන් එක්දහස් හාරසිය අසූ අටදෙනෙක් ඊයේ (03) නිදහස ලැබූහ.
     
    මිනීමැරුම්, මත්ද්‍රව්‍ය චෝදනා, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම් ඇතුළු බරපතළ ගණයේ වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වුවන් හැර නීති විරෝධී මත්පැන් චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් සහ සුළු වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූ සහ දඩ මුදල් ගෙවාගත නොහැකි වූ සිරකරුවන්ට මෙසේ නිදහස හිමි විය.
     
    නිදහස ලැබූ සිරකරුවන් අතරින් වැඩිම පිරිසක් වැලිකඩ බන්ධනාගාරයෙන් වේ. එම ගණන 50දෙනෙක් වන අතර එයින් 
    9ක් කාන්තාවෝ වෙති.
     
    පසුගිය වසර කීපය හා සසඳන විට වෙසක් පොහොය දිනයක දී නිදහස ලැබූ අවම සිරකරුවන් පිරිස මේ වසරේ දී වාර්තා වේ. එයට හේතුව වී ඇත්තේ පසුගිය නිදහස් දිනය නිමිත්තෙන් සහ පාප්තුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට ජනාධිපති විශේෂ සමාව ලබාදීම, සුළු වැරදි සම්බන්ධයෙන්, බන්ධනාගාරයට නියම වන පුද්ගලයන් පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමත් වේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya