නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සම්මා සම්බුද්ධ වෙසක් තෙමඟුල අදයි

    මැයි 03, 2015

    වෙසක් පසලොස්වක පුන් පොහෝ දිනය අදට (01) යෙදී ඇති අතර ලෝක වාසී බෞද්ධ ජනතාවගේ ප්‍රධානතම උත්සවය වෙසක් උත්සවය අද දින ඉතා ඉහළින් සමරති.

    වෙසක් දිනය බුදුන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යන කාරණා තුනම අරමුණු කර ගනීමින් බුදු ගුණ සිහිපත් කරගනිමින් බාල මහළු බෞද්ධ බැතිමතුන් අද දිනයේ අටසිල් සමාදම් වෙමින් දවස පුරා විහාරස්ථානවල මනා ශික්ෂණයෙන් ආගමික වතාවත්වල යෙදෙති.

     

    සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අන්ත වූ බුදු ගුණ මෙනෙහි කරමින් මල් පහන් පූජා කරමින් ලෞකික ජීවිත අවබෝධයෙන් මුලු දවස පුරා ගත කිරීමට බෞද්ධ බැතිතුමන් යොමු වී සිටිති.

    අද දිනයේ දිවයිනේ සියලු සුරා සැල්, මස් මාංශ සැල් වැසීමට රජයෙන්ම නියෝග කර තිබෙන අතර අද සහ හෙට දෙදින වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා බෞද්ධාගමික වතාවත් සිදු වේ.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya