ඒ අනුව මේ වන විට එක් පැටවෙකු එම බැල්ලගෙන් කිරි ලබාදීම සඳහා රැගෙන ගොස් ඇති බවත් ඉතිරි පැටවුන් දෙදෙනා ද එම බැල්ල වෙත ගෙන යාමට කටයුතු යොදා ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පැවසුවාය.
පැටවුන් බිහි කළ සිංහ දේනුව මීට පෙර බිහි කළ පැටවාට ද කිරී දීම ප්‍රතික්ෂේප කොට ඇත.
2013 වර්ෂයේ කොරියාවේ සෝල් ග්‍රෑන්ඩ් පාර්ක් (Seoul grand park zoo) සත්වෝද්‍යානයෙන් තෝර් (Thor) සිංහ පිරිමි සතා රැගෙන එනු ලැබූ අතර ජර්මනියේ තියර් පාර්ක් හේගන් බෙක් සත්වෝද්‍යානයෙන් (Tier park Hagenbeck zoo) සකීනා (sakina) නැමති සිංහ ධේනුව රැගෙන එනු ලැබ ඇති අතර ඔවුන්ට දාව මෙම සිංහ පැටවුන් තිදෙනා ඉපිද ඇත.
DB