අල්ලස් හා දූෂණ කොමිසමේ නිලධාරීන් හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් කට උත්තරය ලබා ගැනීමට තීරණය කළ පසු විරෝධතාව නිමා කරමින් විරෝධතාව සිදු කළ මන්ත්‍රීවරු පැවසූ පරිදි ඔවුන් ජයග්‍රහණය කිරීමක් සිදු නොවූ නමුත් එම පිරිස අපේක්ෂා කළ පරිදි 19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදය සතියකින් කල් දැමීම සිදු වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
රටේ යහපාලනය හා ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමට නව රජය යොදවනු ලැබූ උපාය මාර්ගය 19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවත් පුරවැසියා ශක්තිමත් කරන මෙම සංශෝධනයට වෙනත් කිසිදු තර්කානුකූළ විරෝධතාවක් නොමැති බවත් ඔහු පවසා සිටියේය.
හිටපු ජනාධිපතිවරයා මන්ත්‍රීවරු පිරිසක් සමඟ එක්ව පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටියට බාධා කළ බැවින් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා එක්ව සියලුම පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර 9වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදය එළඹෙන සඳුදා (27) දිනයට කල් දැමූ බවත් ඒ මහතා පැවසීය.
ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථා 2ක් පමණක් හිමි වන බව සහ ජනාධිපති ධුර කාලය වසර 6 සිට 5 දක්වා අඩු වූ බවත් හිටපු ජනාධිපතිවරයා ඇතුළු මෙම මන්ත්‍රීවරු පිරිස තවමත් පිළිගෙන නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.
19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පිහිටුවීමට සැරසෙන අධිකරණය ස්වාධීන කිරීම, අල්ලස් හා දූෂණ කොමිසම ස්වාධීන කිරීම, මැතිවරණ කොමිසම ස්වාධීන කිරීම, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමසම් සභාව ස්වාධීන කිරීම, රාජ්‍ය භාෂා කොම්සම ස්වාධීන කිරීම වැනි බොහෝ රාජ්‍ය ආයතන ස්වාධීන කිරීම වැනි කටයුතු සඳහා ඇති අකමැත්ත හිටපු ජනාධිපතිවරයා ඇතුළු මෙම මන්ත්‍රීවරු පිරිස පාර්ලිමේන්තුවේ සිදු කළ සංදර්ශනයෙන් පැහැදිලිව පෙනී යන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ගෝඨාභය රාජක්ෂ සහ තිස්ස අත්තනායක යන මහත්වරුන්ට අල්ලස් හා දූෂණ කොමිසම වෙත පැමිණ කටඋත්තර දීමට දුන් නියෝගය නොතකා තමන්ව ගෙන්වන්නට අයිතියක් නොමැති බවත් තමන් ඒ සඳහා නොයන බවත් ප්‍රකාශ කිරීමට රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පුරවැසියෙකු ලෙස නොහැකි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
එක විදුලි පුටුවකට නොව විදුලි පුටු සියයකට වුවද යන්න තමාට හැකි යැයි පැවසූ මහින්ද රාජපක්ෂ මහතා රටේ ස්වාධීන නීතියට අනුව අල්ලස් හා දූෂණ කොමිසම වෙත පැමිණ කටඋත්තර දීමට නොහැකි යැයි පවසන්නේ කුමක් නිසාදැයි ද ඔහු පවසා සිටියේය.
දින 100 අවසන් වන හෙට (23) දිනයෙන් පසු මෙම රජය පවත්වාගෙන යාමට ශක්තිමත් හේතුවක් අවශ්‍ය බවත් එය මෙම 19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම බවත් ඒ මහතා සඳහන් කළේය.
කෙසේනමුත් එළඹෙන සඳුදා 19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගත් පසු අඟහරුවාදා (28) මෙය සම්මත කරගැනීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවන්නට සිදුවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටයේය.
SDF