මෙවර එහි තේමාව ‘මිහිකත සුරැකිම සඳහා පෙරට එමු’ යන්න ය. 2013 වසරේ මිහිකත දිනයේ තේමාව වූයේ “දේශගුණ විපර්යාස ජයගනිමු” යන්න යි.
පරිසරය හා සොබා සෞන්දර්ය, අසිරිමත් භාවය මිහිකත ජීවයේ අවශ්‍යතාවය පෙන්වා දීමට මිහිකත දිනය ආරම්භ වූ අතරම අද ඒ තුළින් මිහිතලය සුරැකීම හා තිරසාර පැවැත්මේ අත්‍යාවශ්‍යතාවය පෙන්වා දෙනු ලබයි.
ලෝකයේ රටවල් බොහෝ සංඛ්‍යාවක් සමරන මිහිකත දිනය සඳහා නව ගස් රෝපණය කිරීම ප්‍රමුඛතාවක් ගනියි. පරිසර දූෂණයේ අහිතකර බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් මතු පරපුර උදෙසා පෘතුවිතලය රැකගැනීමට දායකවන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ව සමස්ත ලෝක ජනතාව දැනුවත් කිරීමත් මෙමගින් අපේක්ෂා කෙරේ.
SDF