නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැන් ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගීන් 0% යි Featured

    අප්‍රේල් 21, 2015

    2012 වසරේ ඔක්තෝම්බර් මස සිට කිසිදු මැලේරියා රෝගියෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා නැති බවත් මෙම වසරේ අගභාගය වන තෙක් ශ්‍රී ලංකාවෙන් මැලේරියා රෝගියෙකු වාර්තා නොවුනහොත් මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කිරීමට නියමිත බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

     

    ඒ මහතා ප්‍රකාශ කළේ මෙම සහිතකය ලංකාවට හිමි වුවහොත් මැලේරියා මර්දනය කිරීමේ ගර්ම කලාපීය පළමු රට බවට ශ්‍රී ලංකාව පත් වන බවයි.

    ලෝක මැලේරියා මර්දන දිනය අප්‍රේල් 25 වැනි දාට යෙදී ඇති අතර "මැලේරියාව පිටු දැකීම සඳහා ගන්නා උත්සාහය ආයෝජනයක්" යන්න මෙවර තේමාව වී තිබෙන බව අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී මහීපාල මහතා පැවසීය.

     

    ශ්‍රී ලංකාව තුළ මේ වන විට මැලේරියාව නැති වුවත් එම තත්ත්වය දිගින් දිගටම රැක ගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් නිලධාරීන් මෙන් ම මහජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් විදේශ ගත වූ අයෙකු මලේරියා අවධානම් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පසු උණ තත්ත්වක් පවතින්නේ නම් මැලේරියා සඳහා වන රුධිර පරීක්ෂාවට අනිවාර්යෙන් ලක් කළ යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    මීට අමතරව මෙරටින් මැලේරියා මර්දන කාර්යාල මඟින් උපදෙස් ලබා ගැනීම සහ විවිධ රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන් පරීක්ෂාවට භාජනය කිරීම හා එවැනි කණ්ඩායම් පිළිබඳ දැනුම් දීම් සිදු කළ හැකි බවත් මහීපාල මහතා සඳහන් කළේය.

     

    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා, මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය රිසින්ත ප්‍රේමරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     kpm

    DSC 3183

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya