නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19 සංශෝධනයට කඹ ඇඳීම කණගාටුදායකයි- අධිකරණ ඇමැති

    අප්‍රේල් 21, 2015
    රටේ ජාතික සංවර්ධනය අනාගතය දියුණුව වෙනුවෙන් සියලු පාර්ශ්ව එකට එකතු වි තින්දු තීරණ ගත යුතු ස්වර්ණමය අවස්ථාවක 19 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් විපක්ෂයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් දේශපාලන කඹ ඇදිමේ තරගයක නිරතවි සිටින බව අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
     
    19 වන ව්‍යවස්ථා  සංශෝධනය වෙනුවෙන් පැවැත්වෙන දේශපාලන කඹ ඇදිමේ තරගයෙන් ජයග‍්‍රහණය කරන පාර්ශ්වය ගැන රටේ ජනතාව ඉතාම උනන්දුවෙන් බලා සිටින බව විජයදාස රාජපක්ෂ මහ
     
    රටේ දියුණුවට රටක සංවර්ධනයට රජයන් ගෙන එන වැදගත් යෝජනා ප‍්‍රතිපත්ති සැළසුම් ඉදිරියට ගෙන යන්න පක්ෂ විපක්ෂ දේශපාලන නායකයින් එකට එකතු වී තින්දු තිරණ ගත යුතු නමුත් අපේ රටේ දේශපාලනය සංස්කෘතියේ ඉතාම නරක ලෙස රටේ අනාගතය අවුල් කරන රටේ සංවර්ධනයට බාධා කරන පටු දේශපාලන අරමුණු පදනම් කර ගෙන ඇතැම් පාර්ශ්ව දේශපාලන කඹ ඇදිමේ නිරත වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    රටට අහිතකර 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද දේශපාලන පාරාවළල්ලක් වෙලා ඒ මගින් ස්වාධින කොමිෂන් සභා අක‍්‍රිය වුණා.
     
    ජනතාවාදි දේශපාලනයක යෙදි සිටින නායකයින් රට වෙනුවෙන් තින්දු තිරණ ගන්න 19 වන ව්‍යවස්ථා සංශෝධනයේදි රටේ අනාගතය වෙනුවෙන් විශාල වගකිමක් පැවරෙන නිසා ඒ තින්දුව රට වෙනුවෙන් ඉතාම නිවැරදිව භාවිතා කරනු ඇතැයි විශ්වාස කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya