නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිසතෙල් ගෑමේ නැකත අද පූර්වභාග 09.06 ට Featured

    අප්‍රේල් 15, 2015

    සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අදට (15) යෙදී තිබේ. ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පූර්වභාග 09.06 ට යෙදෙන සුභ මොහොතින් දකුණු දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොලොන් පත්ද තබා තෙල් සහ කොහොඹ පත් මිශ්‍ර  නානුද ගා ස්නානය කිරීම යෝග්‍ය බව බව නැකැත් චාරිත්‍රවල සඳහන් වේ.

     

    ශ්‍රී ලාංකිකයෝ ඊයේ (14) සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උත්සවාකාරයෙන් සමරනු ලැබූහ. මේ අතර, අලූත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත  22 වන බදාදා පූර්වභාග 06.02 ට යෙදී තිබේ. ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර නැගෙනහිර දිශාව බලා රැකියා සඳහා පිටත්වීම යෝග්‍ය වන අතර, 23 වන බ්‍රහස්පතින්දා නව සඳ බැලීමට සුදුසු දිනය ලෙස නැකැත් ශාස්ත්‍රය සඳහන් කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya