ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේය. එහිදී ජනාධිපති බැරැක් ඔබාමාගේ සුබ පැතුම් එක් කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවත්නා අතිවිශේෂ සුබවාදී වෙනස තුළින් මෙරට සංහිඳියාව සහ සාමය ස්ථාවර වනු ඇති බවයි.
තව තවත් සමෘද්ධිමත්, ප්‍රජාතන්ත්‍රවාදී සහ එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීමට අඛණ්ඩව කටයුතු කරන ලෙස පවසමින් සාමකාමී නව වසරක් සඳහා ඔහුගේ සුබ පැතුම් පිරිනමන බවද මෙම සුභ පැතුම් පණිවුඩයෙන් සඳහන් කර සිටියි.
SDF