ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් ධුරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහ එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බී.ඒ.එල්. රත්නායක විසින් පිළිගන්නා ලදී. එම අවස්ථාවේදී කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පවත්වන ලද අතර, එම සම්මාන පෙළපාලියේ අණ දෙන්නා ලෙස කපිතන් ඩබ්ලිව්.එම්.බී. වීරකෝන් ක්‍රියා කරනු ලැබීය.
අනතුරුව ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා දේශය වෙනුවෙන් දිවි පිදූ සිංහ රෙජිමේන්තු විරුවන් සිහිකරමින් රණ විරු ස්මාරකය වෙත පුෂ්පෝහාර පුදකරන ලදි.
සංචාරය සිහිගන්වමින් ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා එම මූලස්ථායෙහි පැළයක් ද රෝපණය කළ අතර, එම රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් සමරු තිළිණයක් ද පිරිනමන ලදී.
DB