දෛනිකව දුම් වැටි සඳහා සිදු කරන වියදම රුපියල් මිලියන 250ක් වන අතර මද්‍යසාර සඳහා සිදු කරන වියදම රුපියල් මිලියන 200ක් පමණක් වන බව රතන හිමියන් විසින් අද (10) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කළේය.
වැඩි වශයෙන් මත්පැන්, දුම් වැටි හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් සියයට 75ක් පමණ දුප්පත් කම්කරු, ගොවි ජනතාව වන බවත් මේ හේතුව නිසා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක දරිද්‍රතාව අවම කිරීමට නම් මතින් තොර රටක් ගොඩනැඟීම ඉතාමත් වැදගත් කරුණක් බවත් රතන හිමියන් පවසා සිටියේය.
මෙම ගණනය කිරීම නිල වශයෙන් ලැබුණු දත්තවලට අනුව සිදු කළ නමුත් වාර්තා නොවන සුරුට්ටු, බීඩි, කසිප්පු හා දුම්කොළ වැනි අයිතමයන් වෙනුවෙන් වැය කරන මුදල සමඟ ගණනය කළහොත් දෛනික මත්පැන්, මත්ද්‍රව්‍ය වියදම රුපියල් මිලියන 600-700 අතර අති විශාල මුදලක් වන බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සහ පුර්වජ රසායන පාලන අධිකාරියේ සභාපති වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් අනාවරණය කළේය.
මත්ද්‍රව්‍ය නිවාරණයේ දී සුලභතාව අඩු කිරීම සහ ඉල්ලුම අඩු කිරීම ඉතාම වැදගත් වේ. පොලීසිය, රේගුව හා සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල මැදිහත්වීම තුළින් මත්පැන්, දුම් වැටි හා මත්ද්‍රව්‍ය සුලභතාව ඇති කිරීමත් අධ්‍යාපනය, ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය හා දැනුවත් කිරීම මඟින් ඉල්ලුම අඩු කිරීමත් කළ යුතු බවත් ඒ සඳහා රජය දැනටමත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් වෛද්‍ය නිලන්ත සමරසිංහ මහතා පැවසීය.
මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් ඇතිව සුරාසැල් 300කට අධික ප්‍රමාණයක් වසා දමා ඇති බවත් එය සුලභතාව අඩු කිරීමට නව රජය ගත් පියවරක් බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේය.