බස්නාහිර පළාතේ ග්‍රාම සේවා නිලධාරීන් ලෙස පුහුණුව නිමකළ 140 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. රටේ ප්‍රාදේශීය පරිපාලනය ජනතාවට වඩාත් උසස් සේවාවක් ලබාදීමේ අරමුණින් වෙනස් කිරීමට තීරණය කර බවත් එතැන දී ග්‍රාම නිලධාරියා වඩාත් වගකීම් සහගත ස්ථානයක රැඳවීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
“ආණ්ඩු මාරු උනහම අමාත්‍යවරුන් වන අපට යන්නට වෙනවා. නමුත් රාජ්‍ය සේවකයින් වන ඔබ දිගටම ඉන්නවා. පැරදුනාට පස්සේ අපිව ගනන් ගන්නේ වත් නෑ. නමුත් ඔබව ඊට වඩා පිළිගන්නවා. හේතුව ඔබ හැමදාම ඉන්න නිසා. ඕන ආණ්ඩුවක් එනවා යනවා. හැබැයි රාජ්‍ය සේවකයා ඉන්නවා. ඒකයි ඔබගේ වැදගත්කම. අද අපි මේ දෙන්නේ සංකේතාත්මක පත්වීම් 140 ක් විතරයි. අපි මේ වගේම පුහුණුව නිම කළ අයට තවත් පත්වීම් 650 කට ආසන්න ප්‍රමාණයක් දෙනවා. හැමෝම මෙතැන ගෙනැල්ලා රස්තියාදු කරන්න අවශ්‍ය නෑ. ඔවුන්ට අපි මේ සතිය තුළම පත්වීම් ටික ගෙවල්වලටම යවනවා.”
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඒ.බී.බොරලැස්ස, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
kpm