ආරක්ෂක අමාත්යංශශයේ "සේවා වනිතා" ඒකකය මූලික වශයෙන් ත්‍රිවිධ හමුදාවන්ට සහ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් රණ විරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පවුල්වල සුබසාධනය සම්බන්ධයෙන් සොයා බැලීමට සහ ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සැලසුම් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වේ.
මේ යටතේ මානුෂිය මෙහෙයුමේදී මියගිය අතුරුදහන් සහ ආබාධිත තත්ත්වයට පත් සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින රණ විරුවන්ගේ සුබසාධන අවශ්‍යතා වෙනුවෙන් මුල්‍ය ආධාර සැපයීම, ඔවුන්ගේ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, නිවාස ණය ඇතුළු වෙනත් මූල්‍ය පහසුකම් සැපයීම, නිවාස ලබාදීම, ඉඩම් නොමැති රණ විරුවන් වෙනුවෙන් ඉඩම් ලබාදීම, අර්ධ නිවාස සඳහා ආධාර, ආබාධිත රණ විරුවන් වෙනුවෙන් රෝද පුටු කෘත්‍රිම පාද ඇතුළු අවශ්‍යතා සැපයීම ආදී රණ විරු සුබසාධනය වෙනුවෙන් පැතිරුණ විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබයි. ත්‍රිවිධ හමුදා පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකක සමඟ රණ විරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සමීපව කටයුතු කිරීම ද සිදුකරනු ලබයි.
විශේෂයෙන්ම රණ විරු දූ දරුවන්ගේ අනාගතය සාර්ථක කිරීම සඳහා අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීම සහ රණ විරු පවුල්වල සාමාජිය මට්ටම් උසස් තත්වයකට වෙනුවෙන් මේ දක්වා ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය විශාල කාර්යභාරයක් ඉටුකරනු ඇත.
මෙම අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනී ඉන්දු රත්නායක මහත්මිය ද සහභාගී වූවාය.
NDH