නෙළුම් යාය ශ්‍රී ලාංකේය බ්ලොග් සම්මාන උළලේදී ලේකම්වරයා මේ බව ඊයේ (26) සඳහන් කළේය.
එම පනත් කෙටුම්පත මෙවර පාර්ලිමේන්තුවට ගෙන එන බව පෙන්වා දුන් ලේකම්වරයා තොරතුරු දැන ගැනීම මූලික අයිතිවාසිකමක් බවට පත් කරමින් ඒ වෙනුවෙන් අවශ්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි පරිච්ජේදයේ 14 වැනි වගන්තියට සංශෝධනයක් ඇතුළත් කර එය 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කර පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත බව සඳහන් කළේය.
අධිකරණ අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එක්වෙමින් කමිටුවක් පත් කර තොරතුරු දැන ගැනීම පිළිබඳ මූලික ලියවිල්ල සකස් කළ බවත් එය පසුගිය අනපත් සියල්ල පුනරීක්ෂණය කරමින් සිදු කළ බවත් පරණවිතාන මහතා පෙන්වා දුන්නේය.
එය නීති කෙටුම්පතක් බවට පත් කිරීම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවත් එය නිතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශයට පෙරේදා (25) ලැබුණු බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
kpm