නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    මාර්තු 28, 2015
    කැලණිය විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි ද්විතීය පරීක්ෂණය 2012-2015 මාර්තු/ අප්‍රේල්/ මැයි විභාගය අප්‍රේල් 04, 05, 09, 10, 25 හා 26 යන දිනවලදී කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 11ක දී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
     
    මෙවර විභාගය සඳහා 22,775 දෙනෙකු පමණ සහභාගි වීමට නියමිතය.
     
    රජයේ පාසල්වල පවතින බටහිර සංගීත විෂයය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයට බටහිර සංගීත ගුරුවරුන් බඳවා ගැනීම - 2014(2015) (ප්‍රායෝගික පරීක්ෂණ) අප්‍රේල් 06, 07, 08 හා 09 දිනවලදී කොළඹ පමණක් පැවැත්වේ.
     
    සහකාර බන්ධනාගාර අධිකාරී/ සහකාර බන්ධනාගාර අධිකාරී (පුනරුත්ථාපන) කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 (2015) නුහුරු භාෂාව පිළිබඳ වාචික පරීක්ෂණය අප්‍රේල් 07 දින කොළඹදී පමණක් පැවැත්වීමට නියමිතය.
     
    මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මිනුම් සේවා හා උපක්‍රම පරීක්ෂක තනතුරු/ රසායනාගාර සහකාර තනතුර සඳහා පුහුණු ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2014 (2015) අප්‍රේල් 10 දින කොළඹදී පමණක් පැවැත්වෙනු ඇත.
     
    රාජ්‍ය කළමනාකාර සහකාර සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2013 (2015) අප්‍රේල් 19 දින දිවයින පුරා විභාග මධ්‍යස්ථානවලදී පැවැත්වෙන අතර මේ සඳහා අයදුම්කරුවන් 90,000ක් පමණ පෙනී සිටීමට නියමිතය.
     
    තවද 2015 මාර්තු 28 හා 29 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ කුසලතා ධාරාව යටතේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි අවලංගු කර ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya