අද (19) දහවල් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම තරගකාරී ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීමකින් තොරව හා විනිවිදභාවයකින් තොරව සිදු වී ඇති බව තහවුරු වී ඇති බැවින් දැනට ප්‍රදානය කර ඇති කොන්ත්‍රාත්තුව අවලංගු කිරීම පිණිස නාවික හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
කටුනායක ගුවන් තොටුපොළේ ධාවන පථය නැවත ආස්තරණය ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉහළ ඇස්තමේන්තුගත මුදලක් මෙම සමාගම විසින් ඉදිරිපත් කර තිබුණු බව රාජිත සේනාරත්න මහතා පැවසුවේය. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අදාළ සමාගමට කිසිඳු පළපුරුද්දක් ද නොමැති බව තහවුරු වී ඇති බැවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.
SDF