හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් හි නියුතු ශ්‍රී ලංකා සාමසාධක භටයන් 850 දෙනෙකු වෙත එක්සත් ජාතීන්ගේ සාමසාධක පදක්කම් පිරිනැමීමේ උත්සවයක් පසුගියදා පැවැත්වුණි. හයිටි රාජ්‍ය යේ, අග නගරයේ පිහිටි එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුමේ හමුදා මහජන තොරතුරු කාර්යාලය නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක් මඟින් කියා සිටියේ ශ්‍රී ලංකා සාමසාධක හමුදාවේ ආදර්ශමත් සේවය සහ කැපවීම අගය කරන බවයි. NDH/army.lk