ඒ අනුව මෙවර රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් වී ඇත්තේ ආර්.එස්.එස්. 01 රබර් වර්ගය පමණි. එම වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 250.00කි. එය පසුගිය පෙබරවාරි මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 275.75ක් විය.
ආර්.එස්.එස්. 02, ආර්.එස්.එස්. 03, ආර්.එස්.එස්. 04 සහ ආර්.එස්.එස්. 05 වර්ග ඊයේ කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුණ බව ද වාර්තා විය.
මීළඟ රබර් වෙන්දේසිය හෙට (19) පැවැත්වීමට නියමිතය.
NDH