මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්ෂය රෝග මර්දන දින ජාතික වැඩසටහන මහනුවරදී

    මාර්තු 14, 2015

    මාර්තු 24 වැනි දිනට යෙදී තිබෙන ක්ෂය රෝග මර්දන දිනය නිමිත්තෙන් මෙවර පවත්වනු ලබන ජාතික වැඩසටහන මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


    සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන, මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
    ක්ෂය රෝගය මර්දනය කිරීමේ ඇති වැදගත්කම පෙන්වා දෙමින් මහජන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පා ගමනක් පැවැත්වීමටද මෙහිදී කටයුතු යොදා ඇති අතර, ඒ සදහා සිවිල් සංවිධාන ද එක් වීමට නියමිතය.

    ඒ අනුව එදින පෙ .ව. 8.00ට බෝගම්බර ක්‍රීඩාපිටිය අසලින් ආරම්භ කරන මෙම පාගමන එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මාවත ඔස්සේ යටිනුවර වීදිය, කන්දේ වීදිය ඔස්සේ ගමන් කොට මහ නගර සභා රථ ගාල අසලින් අවසන් කිරීමට නියමිතය.

    ක්ෂය රෝගය මර්දනය කිරීමේ වැදගත්කම සහ වර්තමාන ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගය පාලනය කොට ඇති ආකාරය ආදිය ගැන විශේෂ දේශන කිහිපයක්ද පැවැත්වීමට මෙහිදී කටයුතු යොදා තිබේ.

    මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.

    DMU/PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya