නොවැම්බර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ හා කම්කරු අමාත්‍යවරයාගෙන් මහජන දින 4ක්

    මාර්තු 12, 2015
    අධිකරණ හා කම්කරු සබදතා අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශ විෂය පතයට අයත්වන ආයතන පිළිබඳව මහජනතාවට බලපාන ගැටලු සඳහා විසඳුම් ලබාදීමට සතියට දින 4ක් වෙන් කර ඇති බව අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.
     
    ඉන් දින දෙකක් අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේදි පැවැත්වෙන අතර කොළඹ දිස්ත‍්‍රික්කයේ දේශපාලන කටයුතු සඳහා මහරගම හා සිරිකොත පක්ෂ මුලස්ථානයේදි තවත් දින දෙකක් මහජනතාව වෙනුවෙන් වෙන් කර තිබේ.
     
    අධිකරණයේ විෂය පතයට අයත්වන ආයතන පිළිබඳව අගහරුවාදා දින පෙරවරු 9. 00 සිට පස්වරු 1.00 දක්වා කොළඹ අලුත් කඩේ අධිකරණ අමාත්‍යාංශයේදි පැවැත්වෙන අතර බදාදා නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලයේදි මහ ජනතාවට අමාත්‍යවරයා හමු වීමට අවස්ථාව ලැබේ.
     
    මහරගම මැතිවරණ කොටිඨාසයේ ඡන්දදායකයන්ට ඉරිදා දින මහරගම කලල්ගොඩ කාර්යාලයේදි හමු විය හැකි අතර කොළඹ දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයන් සඳහා කෝට්ටේ සිරිකොත මන්දිරයේදි අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හමු විය හැකි බව අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya