මෙම අවස්ථාව සඳහා යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නයනා ද සිල්වා මහත්මිය, වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා සහ තවත් නිලධාරීහු කිහිපදෙනෙක් ද එක්ව සිටියහ.
මෙහිදී, අටමස්ථානාධිපති පුජ්‍ය පල්ලේගම සිරිනිවාසභිධාන නායක තෙරුවන් වහන්සේ සහ නුවර කලාවිය ප්‍රධාන සංඝනායක තෙරුන්වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත් අතර ම, එහිදි යුද හමුදාපතිතුමා විසින් පිරිකර සහ චෛත්‍යයක අනුරුවක් ද පූජාකරන ලදී.
NDH/army.lk