අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෙරෝනා මාතරට පැමිණීම වැලැක්වීම සඳහා වැඩපිළිවෙල රැසක්

    මාර්තු 17, 2020

    කෝවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය මාතර දිස්ත්‍රික්කයේ පැතිර යාම වැළැක්වීමට අදාළ පෙර සූදානම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් (16) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.


    මාතර දිස්ත්‍රික්කයෙන් මෙතෙක් කොරෝනා ආසාදිතයින් වාර්තා වී නොමැති බවත්, අනිසි බියක් ඇතිකර ගත යුතු නැති බවත් මෙහි දී අවධාරණය කෙරිණි. කොරෝනා මැඩීම සඳහා රජය මගින් ක්‍රියාත්මක කරන ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කය කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා පෙර සූදානමක් වශයෙන් වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කිරීමට ද තීන්දු කරන ලදි.

    ඒ අනුව මාර්තු 01 දිනට පසුව සහ මාර්තු 09 දිනට ප්‍රථම විදෙස් රටලව සිට මාතරට පැමිණි නිරෝධායනයට ලක් නොවූ අය සිටී නම් ඒ පිළිබඳව සොයා බැලේ. මාතර දිස්ත්‍රික්කයේ හෝටල් ආශ්‍රිතව සිටින විදේශිය සංචාරකයින් පිළිබඳව සොයා බැලීමට වැඩපිළිවෙලක් සකස් කරන ලදි. එය මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නායකත්වයෙන් (16) දවස තුළ ක්‍රියාත්මක කෙරේ. කොරෝනා වලට අදාළ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවන ලදි. හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් එයට මුහුණ දෙන ආකාරය සහ නිරෝධායන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.


    මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප රත්නායක මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ වැල්ලහේවා මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, හමුදාව, පොලීසිය, ආපදා කළමනාකරණ, ප්‍රාදේශීය සභා, සෞඛ්‍ය අංශ ඇතුළු රාජ්‍ය අංශවල ප්‍රධානීන් රැසක් සහභාගි වී සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya