ඔක්තෝබර් 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් සිහිනය දෙවන අදියර සඳහා අවබෝධතා ගිවිසුමක්

    ඔක්තෝබර් 01, 2024

    ලෝක ළමා දිනයට සමගාමීව දීප ව්‍යාප්ත ගුවන්සේවා චිත්‍ර නිර්මාණ තරඟාවලිය - 2024 දියත් කිරීම සහ සිසුන් 1000 ක් වෙනුවෙන් මාර්ගගත ගුවන් සේවා අධ්‍යාපනික වැඩසටහන ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරිණි.

    ජාතික රුපවාහිනිය සහ සිවිල් ගුවන් සේවා  අධිකාරිය එක්ව ඒකාබද්ධව සංවිධානය කරන ගුවන් සිහිනය දෙවන අදියර සඳහා  අවබෝධතා  විසුමකට එළැඹීම මෙහි දී සිදු විය.

    සභාව අමතමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, අප නිරන්තරයෙන් උත්සාහ කළ යුතු වන්නේ දේ දරුවන්ට ලබා දීමට බවත්, එමඟින් අනාගතය විචිත්‍ර සහ අර්ථවත් වන බවයි.

    ගුවන් සිහිනය සැබෑ කර ගැනීම සඳහා  දරුවන්ට මඟ පෙන්වීමක් සහ මාර්ගය පිළිසකර කිරීම  මෙම අවබෝධතා ගිවිසුමට එළඹීමේ අරමුණ වන බවත්, මෙවැනි වැඩසටහන් මඟින් දුෂ්කර ගම්වල ජිවත් වන දරුවන්ට ගුවන පිළිබඳ අත්දැකීමක් ලබා ගැනීමට හැකි අනගි අවස්ථාවක් ලැබෙන බවත්, එමඟින් දරුවන්ගේ සිහින සැබෑ කර කර ගැනීම දක්වා  යන ගමනේ මෙම වැඩසටහන එක් සංධිස්ථානයක් වන බවත් අමාත්‍යවරයා  මෙහි දී සඳහන් කළේය.

    එමෙන්ම, මේ සඳහා  අවශ්‍ය මාර්ගෝපදේශය සහ මැදිහත් වීම අමාත්‍යංශය මඟින් ලබා දීමට උපරිමයෙන් කැප වන බවත් මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා  ගුවන් සිහිනය සැබෑ කර ගැනීම මෙන්ම රට පිළිබඳ සිහිනය ද සැබෑ කර ගැනීම ඉලක්කය වී තිබෙන මොහොතක මෙරට ආර්ථිකය සහ දේශපාලන සංස්කෘතිය නිවැරදි දිශාවට මෙහෙය වීමේ සිහිනය ද සියල්ලන්ගේම බලාපොරොත්තු ව වී තිබෙන බවත් අමාත්‍යවරයා  වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ ලේකම් කේ.ඩි. එස් රුවන්චන්ද්‍ර, ජනමාධ්‍ය අමාත්‍යංශය ලේකම් රංජිත් අරියරතන, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සාගර කොටකදෙනිය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, ගුවන්තොටුපල සහ ගුවන් සේවා  (ශ්‍රී ලංකා ) සමාගමේ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන්, ශ්‍රී ලංකා කේටරින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසේකර, ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya