ඔක්තෝබර් 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට ජනතාවගේ ඉටු නොවූ බලාපොරොත්තු නව පාලනය යටතේ කෙටි කාලයකින් ඉටු කරනවා - අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත්

    ඔක්තෝබර් 01, 2024

    වසර 76ක් තුළ මෙරට ජනතාවගේ ඉටු නොවූ බලාපොරොත්තු නව පාලනය යටතේ කෙටි කාලයක් තුළ අනිවාර්යයෙන්ම ඉටු කරන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

    ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (01) නව රජය බලයට පත්වීමෙන් පසුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති පළමු අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

    රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රටේ සමස්ත ජනතාව විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් තබාගෙන සිටි බවයි. ඒවා එකවර ඉෂ්ට කළ නොහැකි වුවද එකින් එක ඉටු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යරවයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya