සැප්තැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසරේ සිට තනි අගයක ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක් - මහා බැංකු අධිපති

    සැප්තැම්බර් 28, 2024

    ලබන වසරේ සිට තනි අගයක ප්‍රතිපත්ති පොලී අනුපාතික හඳුන්වාදීමට කටයුතු කෙරෙන බව මහා බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ඊයේ (28) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    එක් ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක් ලෙස පත් කිරීමට කටයුතු කරන බවට මෙම වසර ජනවාරි මාසයේ දී දැනුම් දී තිබෙන බවත්, මේ පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙන්ම ඒ සඳහා අනිකුත් රටවල් සිදු කර ඇති ආකාරය පිළිබඳව ද පර්යේෂණ සිදු කරමින් යම් ක්‍රමවේදයක් සකස් කර තිබෙන බවත්, දේශීය මුල්‍ය වෙළඳපොලේ සහභාගී වන්නන් සමඟ ද ඒ පිළිබඳව සාකච්ඡා කරන බවත්, එම ක්‍රමවේදය දෙසැම්බර් වන විට ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් මහා බැංකු අධිපතිවරයා මෙහි දී සඳහන් කළේය.

    ඒ අනුව මෙම වසරේ අවසානය වීමට පෙර  තනි අගයක ප්‍රතිපත්ති පොලී අනුපාතිකයකට ගෙන ඒමට බලාපොරොත්තු වන බව ඒ මහතා මේ බව වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya