සැප්තැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීති විරෝධී බීඩි කොළ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් මීගමුවේ දී නීතියේ රැහැනට

    සැප්තැම්බර් 27, 2024

    ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව කලපුව ආශ්‍රිතව බසියාවත්ත ප්‍රදේශයේ දී පසුගිය දා (25) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසීයක (400) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

    ඒ අනුව, බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා කැලණි ආයතනය මඟින් මීගමුව කලපුව ආශ්‍රිතව බසියාවත්ත ප්‍රදේශයේ 2024 සැප්තැම්බර් මස 25 වන දින රාත්‍රී කාලයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම කලපු ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදී පාර්සල් දාහතරක (14) අසුරන ලද බීඩි කොළ කිලෝගෑම් හාරසීයක (400) පමණ තොගයක් සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    තවද, නාවික හමුදාව සිදුකරණු ලබන නිරන්තර මෙහෙයුම් හමුවේ රට තුළට රැගෙන යාමට නොහැකිව මෙම බීඩි කොළ තොගය ජාවාරම්කරුවන් විසින් මෙලෙස අතහැර දමා යන්නට ඇතැයි විශ්වාස කෙරෙන අතර, අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya