සැප්තැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උත්සව පැවැත්වීම වෙනුවෙන් සිදු කරන අනවශ්‍ය මුදල් හා රාජ්‍ය සම්පත් නාස්තිය වහා නවත්වන්න

    සැප්තැම්බර් 27, 2024

    ක්‍රීඩා අමාත්‍යංශයේ ප්‍රතිපාදන වියදම් කිරීම පිළිබඳ සංඛ්‍යා ලෙඛන පැවතියද එහි ප්‍රගතිය සම්බන්ධයෙන් නිසි විගණනයක් අවශ්‍ය බවත්, කඩිනමින් ඒ පිළිබඳ අභ්‍යන්තර විගණනයක් සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය උපදෙස් ලබා දෙන ලදී.

    අද (2024.09.27) පෙරවරුවේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතන වල ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

    මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය,
    “අග්‍රාමාත්‍යවරිය ලෙස මට භාරව තිබෙන සියලු අමාත්‍යංශ වල සිදුවිය යුතු සහ මෙතෙක් සිදු නොවුණ ප්‍රමුඛතා හඳුනා ගනිමින් යනවා. විශේෂයෙන් ක්‍රිඩා අමාත්‍යාංශයේදී විශේෂ කාරණා කිහිපයක් මතු වුණා. රාජ්‍ය මුදල් නාස්තිය සහ අවභාවිතය පිළිබඳව රජයක් ලෙස අපි දැඩි අවධානයෙන් ඉන්නවා, ඒවගේම අපි වියදම් පාලනය කරන්න කටයුතු කරමින් ඉන්නවා. ඒනිසා උත්සව සඳහා සිදුකරන නාස්තිය අඩු කරන්න. රාජ්‍ය ප්‍රතිපාදන ලැබෙන සහ වියදම් කළ ප්‍රමාණ පිළිබද සංඛ්‍යා ලේඛන අමාත්‍යංශය සතුව තිබෙනවා. නමුත් ඒ වියදම් වල ප්‍රගතිය පිළිබඳ කිසිදු නිරීක්ෂණයක් මේ වන තෙක් කර නැහැ. වියදම් වූ මුදලින් සිදු වූ දේ පිළිබඳ කඩිනමින් අභ්‍යන්තර විගණනයක් සිදු කරන්න.

    රාජ්‍ය ආයතන වල සිදුව තිබෙන විවිධ වංචා, දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආයතනිකව කමිටු පත් කරන්නේ නැහැ. ඒ සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් රජය මගින් සකස් කර තිබෙනවා. තවත් වැදගත් කාරණයක් මෙම සාකච්ඡාවේදී ඉස්මතු වුණා. ක්‍රිඩා කටයුතු වලදී සහ රජකාරීයේදී සිදුවන හිංසන සහ අපයෝජන පිළිබඳ සොයා බැලීමට සහ එ් පිළිබඳ ක්‍රියා කිරීමට නිශ්චිත වැඩ පිළිවෙලක් ක්‍රීඩා අමාත්‍යංශයට නැහැ. ඒ නිසා මම දැනුම් දුන්නා හිංසන සහ අපයෝජන පිලිබඳ සොයාබැලීමට සහ දැනුවත් කිරීමට නිසි වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස” අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

    අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ. මහේෂන් යන මහත්වරුන් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ සියලු අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya