සැප්තැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැවැත්වු ශිෂ්‍යත්ව විභාගයේ ගැටලු විසඳමට පියවර

    සැප්තැම්බර් 27, 2024

    මෙමස 15 වැනිදා පැවැත්වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇති බව සඳහන් කරමින් මේවන විට උද්ගත වී ඇති ගැටලුකාරි තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ (26) අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවත්විණි. එහිදී එම ගැටලුව නිරාකරණය කිරීමට ක්‍රියා මාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් මූලික අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර සිදුවීමට සම්බන්ධ යැයි සැකකරන නිලධාරීන් පිළිබඳ වාර්තාවක් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කොට තිබේන බවත් ඒ අනුව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර සැක කටයුතු තැනැත්තකු අත්අඩංගුවට ගෙන තිබේන බවද මෙහිදි සාකච්ඡා වූ අතර එම විමර්ශන කටයුතු ඉතා කඩිනමින් අවසන් කරන බවත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව සහ  ඒ අනුව වැරදි කරුවන් සම්බන්ධව නීතිමය ක්‍රියාමර්ග ගනු ඇති බව මෙහිදී කරුණු අනාවරණය විය.

    එසේම අග්‍රාමාත්‍යවරිය, විභාග ඇගයීම් ක්‍රමවේදය පිළිබඳ දේශීය හා විදේශීය විශේෂඥ කණ්ඩායමකින් යුත් ස්වාධීන කමිටුවක් පත්කර ඉක්මනින් නිර්දේශ ලබා ගැනීමට උපදෙස් දෙන ලදි.

    මෙම ගැටලුව දෙමව්පියන්ට සහ දරුවන්ට ඉතා සංවේදි කරුණක් වන හෙයින් ලැබෙන වාර්තා අනුව දරුවන්ට කිසිදු පීඩනයක් හෝ අසාධාරණයක් නොවන පරිදි ද ඔවුන්ගේ උපරිම යහපත සුරක්ෂිත වන පරිදි ද ඉතා කඩිනමින් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරිය නිසි උපදෙස් දැනටමත් ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya