සැප්තැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටුව ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කෙරේ

    සැප්තැම්බර් 27, 2024

    මෙතෙක් මාර්ග බාධක යොදා වසා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කිරීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.
    ජනාධිපති මන්දිරය සහ අවට ප්‍රදේශය මෙතෙක් අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර වසා දමා තිබිණි.

    අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ එම සියලු මාර්ග බාධක ඉවත් කර වසර ගණනාවකට පසු එම ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කර තිබේ.
    ඒ අනුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත මහජන පරිහරණයට විවෘත වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya