සැප්තැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට වීසා ලබා දීම පැරණි ක්‍රමවේදයට

    සැප්තැම්බර් 27, 2024

    යළිත් පැරණි ක්‍රමවේදය යටතේ වීසා ලබා ගැනීමට අවස්ථාව ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ  සිට  ලබා දී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. වීසා ලබා  දීමේ පහසුකම VFS ආයතනයට ලබාදීම නිසා  ජනතාව සහ මෙරටට පැමිණෙන විදේශිකයන් විශාල ගැටලුකාරී තත්වයකට මුහුණ දී ඇති බවත්, ඒ හේතුවෙන් රජය මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය,

    “වීසා ලබා දීමේ පහසුකම VFS ආයතනයට ලබා දීමෙන් ජනතාව විශාල පීඩාවකට පත් වුණා. විශේෂයෙන් ලංකාවට පැමිණෙන විදේශිකයන්ට  වීසා ලබා ගැනීමේ දී ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා.

     

     ඒ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මැදිහත් වූ බවත්, අධිකරණ තීන්දුව අනුව ගෙවී ගිය පැය 24ක කාලය තුළ පැරණි ක්‍රමවේදය අනුවම විසා ලබාදීම යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු  කළ බවද අමාත්‍යවරයා පැවසීය.

    ඒ අනුව ඊයේ (26) මධ්‍යම රාත්‍රි 12.00 සිට වීසා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවත්, මාර්ගගත ක්‍රමය ඔස්සේ වීසා අයදුම් කිරීම දැන් විදේශිකයන්ට ඉතා පහසුවෙන් කරගත හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

    එසේම VFS ආයතනයට මෙය ලබාදීම මඟින් සිදු වූ අක්‍රමිකතාව පිළිබඳව වහාම වෝහාරික විගණනයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත්, එම විගණනය හරහා මේ ගනුදෙනුවේ තිබෙන අක්‍රමිකතාව පිළිබඳව සොයා බලා ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. ඒ අනුව ව්‍යාපාරික සහ ආයෝජන ක්ෂේත්‍රයේ සිටින අයටත් දැන් එම පහසුකම ලැබෙන බව අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya